පුත්තලම කල්අඩිය සිංහපුර ප්‍රදේශයේ පාලු ළිඳක තිබි ඊයේ ( 30) සොයා ගත් දෙදරු මවකගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා පුත්තලම මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන ලෙසට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දුල් කාදර් මහතා පොලීසියට නියෝග කර තිබුනී.
මෙසේ සොයා ගෙන තිබුණේ 37 හැවිරිදි කංචනා ජයනී නැමති කල්අඩිය සිංහපුර පදිංචි කාන්තාවකගේ සිරුරකි.
අදාළ කාන්තාව දින දෙකක සිට නිවසින් අතුරුදහන් වි සිටි බව ඇගේ සැමියා පුත්තලම පොලීසියට පැමිණිලි කර තිබු බවද පැවසේ.
කෙසේ නමුත් මෙම අඹු සැමියන් අතර කාලයක සිට පවුල් ආරවුලක් තිබි ඇති බවත් මේ හේතු නිසා බිරිඳගෙන් වෙන්විමට දික්කසාද නඩුවක් සැමියා විසින් දමා තිබු බවද කියයි.
මරණයට පත් කාන්තාව ඇය පදිංචි ඉඩමේ කෙලවරක පාලු ළිඳක තිබු බවත් සිරුර සොයා ගන්නා අවස්ථාවේ රාත්‍රි ඇදුමින් සැරසි සිටි බවද පොලීසිය පවසයි.
මෙහිදි මරණයට පත් කාන්තාවගේ වයස අවුරුදු 12 සහ 7 සිමාවල දරුවන් දෙදෙනා මේ සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් ලබා දි නැති බව පොලීසිය පවසයි.
නමුත් මරණයට පත්වු කාන්තාවගේ මව දැඩි ලෙස චෝදනා කරන්නේ තම දියණිය ඝාතනය කර ළිඳට දමන්නට ඇති බවත් ඇයට කිසිදු ලෙසකින් සියදිවි හානි කර ගැනිමට හේතුවක් නොතිබු බවය.
මෙම මරණය ඝාතනයක්ද එසේ නැතිනම් සියදිවි නසා ගැනිමක්ද යන්න සොයා ගැනිමට පුත්තලම මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කරන ලෙසට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දුල් කාදර් මහතා පුත්තලම පොලීසියට නියෝග කෙරුණි .

