දින දෙකකදී මන්නාරමෙන් නීතිවිරෝධී බීඩි කොළ 1537ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
මන්නාරම පෙරියගාමන් හා තාවල්පාඩු ප්රදේශයේ දින දෙකක් තුළදී ස්ථාන දෙකකදී නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී නීතිවිරෝධී බීඩි කොළ කිලෝ1537 යි ග්රෑම් 300 ක ප්රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
පෙරියගාමන් ප්රදේශයේ පිහිටි ළි මෝලක් පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරකට අනුව 03 වනදා රාත්රියේ නාවික හමුදා සෙබළුන් හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් එක්ව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධි බීඩිකොළ කිලෝ 526ක් සමඟ කැබ් රථයක් සහ ලී මෝලේ හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මන්නාරම තාවල්පාඩු ප්රදේශයේ ඊයේ (04) දින මුහුදු වෙරළ තුළ තිබූ පාර්සල් 33ක් සෝදිසි කර බැලීමේදී එහි තිබී නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 1011 යි ග්රෑම් 300ක් සොයාගත් අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත බවට නාවික හමුදාව පැවසීය.
අදාළ නීතිවිරෝධී බීඩිකොළ ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ බීඩිකොළ තොගය ඉදිරි නීතිමය පියවර සඳහා යාපනය රේගු කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදා විසින් පියවර ගනු ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

