20 වැනිදා ආරම්භ කිරීමට නියමිත 9 වැනි පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තීරණය කර තිබේ.
එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්වීමෙන් පසුව පත්වූ භාරකාර ආණ්ඩුව තුළද පාර්ලිමේන්තුවේ සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පිළිවෙළින් දිනේෂ් ගුණවර්ධන මහතා හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.
