දිනකට අලුතෙන් පිළිකා රෝගීන් 76ක්
ශ්‍රී ලංකාව තුළ දිනකට පිළිකා රෝගීන් 76 දෙනෙකු අලුතෙන් ලියාපදිංචි වන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා පැවසීය.
ඒ ආකාරයට 2018 වසරේදී නව පිළිකා රෝගීන් 28,000ක් රජයේ පිළිකායතන 24හි ලියාපදිංචි වී තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතරින් කාන්තාවන් පිළිවෙළින් පියයුරු පිළිකාව, තයිරෝයිඩ් ග්‍රන්ථිය ආශ්රිත පිළිකාවලට හා ගැබ්ගෙල ආශ්රිත පිළිකාවලට මුහුණ දී සිටින බවද ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
මෙම පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් නිට්ටාවට සුවකර ගත හැකි බවත්, ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

popular news
-
ලංකාපුත්‍ර Tuesday, 11 June 2019 07:07 AM
දැනුවත් කිරීමට සුදුසුම ක්‍රමයක් ලෙසට 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන්ගේ සිටම පිළකා රෝගය ගැන පාඩම් විෂය නිර්දේසයට ඇතුලත් කලොත් මව්වරුන්ගේ විභාගය නිසා මව්වරුත් ඒ ගැන ඉගෙන ගන්නවා.ප්‍රශ්ණ පත්‍රයට ප්‍රශ්ණ ඇතුලත් කලොත් දරුවන් ඒගැන මතක තබා ගැනීමත් කරනවා.දිගුකාලීන ක්‍රමයක් වුවත් මේ ක්‍රමය කලොත් ඉතා සාර්ථක වේවි.එසේ නැතිව තෝරාගන්නා ගම් මට්ටමේ දැනුවත් කිරීම් පමණක් නම් මදිවේවි.ඒ වගේම ක්ෂණික ආප්ප ඉඳි ආප්ප වැනි අලුහුණු මිශ්‍ර (බුලත්විට කෑම තහනම් කලත් අලුහුණු මිශ්‍ර කරන ආහාර තහනම් නැහැ) ආහාර හා රසකාරක යෙදූ ආහාර ගැන දැනුවත් කිරීමත් අවශ්‍යයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

