දැන් ජනපතිතුමාට බෝලේ පාස් කරන්න බෑ
මේ වන විට සියලුදේම සිදුවන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ හෙයින් ඔහුට වෙන කෙනෙකුට වගකීම් පැවැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරයි.
අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවීම් ලබාදීම පසුපස සිටින්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඇය පැවැසුවාය.
“නිශාන්ත සිල්වා (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ) මහතා දක්ෂ නිලධාරියෙක්. ඔහු දේශපාලන හස්තයන්ට යටත් නොවූ නිලධාරියෙක්. දැන් නීතිය හා සාමය අමාත්‍යාංශය තිබෙන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේයි. මෙය පැහැදිලිවම ජනපතිතුමාගේ අනුදැනුම මත සිදුවූ දෙයක්.
අග්‍රාමාත්‍යවරයා ඉන්න කාලයේදී කිව්වේ පත්තරෙන් දැක්ක කියලා දැන් කියන්න බෑ. දැන් ඔක්කොම අතට අරන් කරන්නේ ජනපතිතුමයි.
බොදුබල සේනාවට පහරදුන් සිදුවීම දන්නේ නෑ කියලත් ජනපතිතුමා කියනවා. මෙතුමාගේ පුරුද්ද තමයි බෝලය අනෙක් අයට මාරු කිරීම. දැන් ඒකත් කරන්න බෑ. මොකද දැන් ජනපතිතුමා යටතේයි පොලීසිය තිබෙන්නේ.”
popular news
-
රජින්ද Monday, 19 November 2018 06:12 PM
මීළඟ මැතිවරණයකදී ඇපයවත් මෙයාට ලැබෙන එකක් නැහැ. තාත්තගේ නම නිසා දේශපාලනයට ආවට මොනම සුදුසුකමක්වත් තියෙනවද ජනතාවගේ බදු වලින් යැපෙන්න.
Reply : 30 11
Alfi Monday, 19 November 2018 11:18 PM
මෙයගෙ තාත්තා එ කාලෙ පර්ලිමේන්තුව තුල අබුඩෙ පෙන්න සරම උස්සගෙන ගහ ගතෙ....
Reply : 0 0
rocky Tuesday, 20 November 2018 02:32 PM
නැහැ! උන්නැහේ කොහමටවත් අතට ආපු බොලේ දැන් පාස් කොරන්නේ නැහැ. ඇවිල්ලා තියෙන්නේ මහින්දගේ බොලේ! උන්නැහේ එක අතකින් ඒක හොඳ හයියෙන් අල්ලාගෙන අනිත් අතින් පොලිෂ් කර කර නරඹනවා රැස් විහිදෙන හැටි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

