මහනුවර දළදා පෙරහරට ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට දූෂමාන ආරංචි පැතිර යන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (31දා) පැවසීය.
මෙම තත්ත්වය තුළ පෙරහර පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සැලැස්මක් සකස් කිරීම සඳහා ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාගේ හා ආණ්ඩුවේ විශේෂ අවධානය යොමුවිය යුතු බවද සභානායකවරයා සඳහන් කළේය.
පෙරෙහර පැවැත්වෙන කාලසීමාව තුළ ලක්ෂ සංඛ්‍යත ජනතතාවක් පැමිණෙන බැවින් මහනුවර නගරය ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක අංශ පියවර ගත යුතු බවද කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
දළදා පෙරහරට අවශ්‍ය ආරක්ෂාව ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරන මෙන් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් තමන්ගෙන් ඉල්ලීමක් කළ බවද හෙතෙම කීය.
