දවස් 24ට ඩෙංගු රෝගීන් 10000ක්
මේ මාසයේ ගෙවීගිය දින විසිහතරක (24) කාලය තුළ ඩෙංගු රෝගීන් දස දහස් විසිපහක් (10025) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වසරේ ජනවාරි පළමුවන දින සිට දෙසැම්බර් විසිහතර දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් අනූ පන්දහස් එකසිය හැත්ත අටක් (95178) වාර්තා වී තිබෙන අතර එම කාලය තුළ ඩෙංගු රෝගය වැලඳී පුද්ගලයින් එකසිය දෙකක් (102) මරණයට පත්වී තිබෙන බවද වාර්තා වේ.
මේ මාසයේ ගෙවීගිය දින විසිහතරක කාලය තුළ මී උණ රෝගීන් තුන්සිය අසූ එකක් (381) වාර්තා වී තිබෙන අතර මේ වසරේ ජනවාරි 01 වන දින සිට දෙසැම්බර් 24 දක්වා කාලය තුළ මී උණ රෝගීන් පන්දහස් හාරසිය පනස් දෙක (5452) ක් වාර්තා වී තිබේ.
මේ වසරේ සමස්ත කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19166 ක් වාර්තා වී ඇත.
වැඩිම මී උණ රෝගීන් වාර්තා වී තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් එක්දහස් එකසිය පනස් නවයක් (1159) වාර්තා වී ඇත.
popular news
-
ranjith Thursday, 26 December 2019 04:19 AM
ඩෙංගු මර්දනයක් අද කෙරෙන පාටක් නේ ඩෙංගු වෙළද පලක් කරගෙන තියෙන බව පේනවා ඩෙංගු අඩුවෙනකොට පුඅරසරම් දොඩනවා වෙදිවෙඅකොට වෙන මොනවා හරි කියනවා මේ වේදේ ජීව විද්දීයන්චයන්ට බර නෙදීමේ ප්‍රතිපල තමි මේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

