සති දෙකකට ආසන්න කාලයක් පිටුපස වම් පාදයට වෙඩි වැදී සිටින ගල්ගමුව දලපූට්ටුවාට ප්‍රතිජීවක ඖෂධ එන්නත් කිරීම පශු වෛද්‍ය චන්දන ජයසිංහ හා පශූ වෛද්‍ය විජිත පෙරේරා මහතාගෙන් සමන්විත වනජීවී කණ්ඩායමක් විසින් අද (19දා) ගල්ගමුව කොක්වැව මහ වැව රක්ෂිතයේදී සිදුකළේය.
දල පූට්ටුවාගේ වම් පාදය තරමක් ඉදිමී ලේ වහනය වන බවත්, හැකි ඉක්මනින් වන අලියාගේ ස්වභාවය අධ්‍යනය කර නිර්වින්දනය කර ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව වනජීවී පශු වෛද්‍යවරු පවසති.
ගල්ගමුව සංජීව රත්නායක