දයාසිරිගේ කතාවට අර්ජුනගේ පිළිතුරු ඕනෑ - තිලංග
ක්‍රිකට් ගැන දයාසිරි ජයසේකර මහතා ඊයේ (26දා) සිදුකළ ප්‍රකාශ සත්‍ය බවත්, මේ නිසා අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඒවාට පිළිතුරු ලබාදිය යුතුව තිබෙන බවත් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
ලෝකයේ හොඳම කණ්ඩායමක් ලෙසට ශ්‍රී ලංකා කණ්ඩායම නම් වී තිබෙන බවත්, එවන් තත්ත්වයක් තුළ තරගයක් දෙකක් පරාජයට පත් වූ පසු ක්‍රීඩකයන්ට පීඩනයක් ලබාදෙන දේවල් සිදුනොකළ යුතු බවත් අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවෙන් ක්‍රීඩකයන් ගෙන ඒමට නොහැකි බවත්, මේ නිසා මෙම තත්ත්වය හදා ගැනීමට හතුරුසිංහ මහතාට භාරදිය යුතු බවත් හෙතෙම මෙහිදී කියා සිටියේය.

popular news
-
Champa Thursday, 27 September 2018 06:57 PM
තිලංග, දයාසිරි, අර්ජුන තුන්දෙනාටම ඊළඟ පාර්ලිමේන්තුවේ දොර වැහෙන්න ඕනේ. මෙලෝ වැඩක් නැති මිනිස්සු. මේගොල්ලන්ට නම් ඔන්න හිටපු ජනාධිපතිතුමා ආයේ අවස්ථාවක් දෙන්න එපා. මතකනේ දයාසිරි ඔබට විරුද්ධ වෙලා ආයේ 2015 මහා චන්දෙ කාලේ ඔබේ වේදිකාවට ඇවිල්ල තමයි පාර්ලිමේන්තු එන්න පාර හදා ගත්තේ. ඊට පස්සේ ඇමති කමක් ගන්න ආයේ මෛත්‍රී ලඟට ගියා. ඊට පස්සේ මෛත්‍රී කපටිකමක් කරලා මෙයාගේ ඇමති තනතුර නැති කළා. ඊට පස්සේ ඔබේ පැත්තට නැවත ආව. ඊළඟට ආයේ මෛත්‍රී පැත්තට ගියා SLFP මහ ලේකම් තනතුර ගන්න පුළුවන් වෙයි කියල. අර්ජුන ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි. ඔබ ඔච්චර හොඳට සලකලත් 2015 අර්ජුන ඔබට විරුද්ධව මෛත්‍රීට එකතු වුනා. දැන් ආපහු කියන දේවලින් තේරෙන්නේ දයාසිරිගේ සින්දුවම කියන්න හදනව වගේ. තිලංග නම් ආවේ ජාතික ලැයිස්තුවෙන් නේ. ඔබට හරියට හිත උණු වෙනවා හිටපු ජනාධිපතිතුමා ඒ වුනාට මේ පාර නම් ජනතාව අකමැති මිනිස්සු ලඟට අරගත්තොත් මම නම් දන්නේ නැහැ ඔන්න මිනිස්සු තරහ වෙන්නත් ඉඩ තියෙනව. මාව විශ්වාස නැත්නම් මිනිස්සු හම්බ වුනහම අහන්නකො.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

