ගොවින්ගේ එළවළු හා පළතුරු කල් තබා ගැනීම වෙනුවෙන් දඹුල්ලේ ඉදිවන ප්‍රභාෂ්වර උෂ්ණත්වය හා ජලවාෂ්ප පාලනය කිරීමේ ගබඩා සංකීර්ණයේ ඉදිකිරිම් මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
එම ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සමාලෝචන රැස්වීමක් ඊයේ (12දා) පවත්වා ඇති අතර එහිදී මෙම කරුණු අණාවරණය වී තිබේ.

