රක්ෂිත බන්ධනාගාරගතව සිටි ගායන ශිල්පී දමිත් අසංක රුපියල් ලක්ෂ එකහමාර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා අද (09දා) නියෝග කරන ලදී.
මීට අමතරව ඔහු මහේස්ත්‍රාත්වරයා විසින් නම් කරන ලද මානසික වෛද්‍යවරුන් දෙදෙනෙකු වෙත ඉදිරිපත් කර, එම වෛද්‍යවරුන් දෙදෙනාගේ වෛද්‍ය වාර්තාවන් නඩුව නැවත කැඳවන නොවැම්බර් මස 13 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුගේ ඥාතීන්ට දන්වන ලදී.
දමිත් අසංකව දැක බලා ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණ භූමිය ආසන්නයේ ඔහුගේ ගම වන ඇතිලිවැව ප්‍රදේශයේ තරුණයින් හා රසිකයින් සියගණනක් රැඳී සිටින අයුරු දක්නට ලැබුණු අතර, ඔහු එළියට පැමිණි වහා ඔහු උණුසුම් ආකාරයෙන් පිළිගන්නා අයුරු දක්නට ලැබුණි.
වැල්ලවාය - අයි.ආර්.ඉන්දික

