දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටුව වසා තිබියදී දුම්රිය මාර්ගය හරහා සුඛෝපභෝගී බස් රථයක් ධාවනය කරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරු හා කොන්දොස්තර වරයා කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 7 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් සිරි පෙරේරා නියෝග කළේය .
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ බස් රථයේ රියදුරු ලෙස කටයුතු කළ ඇඹිලිපිටිය කදුරුගස් ආර පදිංචි රණවීර ආරච්චිගේ ජයරුවන් ශාන්ත ප්‍රේමදාස හා කොන්දොස්තරවරයා ලෙස කටයුතු කටුබැද්ද ,මැණික් පුර සිරිපුර පදිංචි අනුරුද්ධ තිළිණ ජයසිංහ යන දෙදෙනාය .
