දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ගෙන් සමුළුවක්
උද්ගතව පවත්නා තත්ත්වය හමුවේ දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලු හිටපු මන්ත්‍රීවරුන් කැඳවා සමුළුවක් පවත්වන්නැයි දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
දකුණු පළාත් සභාව විසිරවනු ලැබ ඇති අවස්ථාවක රට තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදාළ කටයුතු කිරීමේදී පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය ලබාදීම පිළිබඳව මෙම සමුළුවේදී කරුණු දැක්වීමට නියමිතව ඇතයිදකුණේදේශපාලනආරංචි මාර්ග සඳහන් කරයි.
සභාපතිවරයාගෙන් කරනු ලැබූ මෙම ඉල්ලීමට අනුව දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් මෙසේ රැස්වීමට නියමිතව ඇත.
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ මෙම හමුව සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ද සහභාගී වීමට නියමිතව ඇති බව දකුණු පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන ඒ.ජී. සී පියසිරි මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කොදාගොඩ මහතාගෙන් අප කල විමසුමකදී , මෙම මස 21 වැනි දින උදේ9.30 ට මෙම රැස්විම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පැවසීය.

popular news
-
Champa Friday, 17 May 2019 05:21 PM
පළාත් සභා අහෝසිම කරලා දාන්න ඕනේ. බොහෝ දෙමල සහ මුස්ලිම් පළාත්සභා මන්ත්‍රීවරු පළාත්සභා ඇමතිවරු සහ ආණ්ඩුකාරවරු අන්තවාදීන් හෝ අන්තවාදය පෝෂණය කළවුන්.
Reply : 0 16
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

