දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 67ක ජයක්
දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දෙවන එක්දින තරගය ලකුනු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 47 තුල කඩුලු 6ක් දැවී ලකුණු 283ක් රැස් කිරීමට සමත් විය.
යනමන් මලාන් ලකුණු 121ක් ලබා ගැනීමට සමත් විය. දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.
තරඟය අතර මැද යලි වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 41 දී ලකුණු 265ක ඉල්ලක්කයකට සීමා වුණේ ඩක්වට් ඇන්ඩ් ලුවිස් න්‍යායට අනුවයි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 197ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 77යි.
තරඟ තුනකින් සමන්විත දකුණු අප්‍රිකා - ශ්‍රි ලංකා එක්දින තරඟාවලියේ 1-1 ලෙස සම තත්ත්වයේ පසු වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

