දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 681ක් දක්වා ඉහළට
දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 681ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 400ක් මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 224ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 57ක් වාර්තා වී තිබේ.
කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ ඊයේ (21) දකුණු පළාතෙන් අලුතින් රෝගීන් 11 දෙනකු වාර්තාවී ඇති බවයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 06 දෙනකු හා මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 05 දෙනකු වශයෙන් ඔවුන් වාර්තා වී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අලුතින් රෝගීන් වාර්තා වි නොමැත.
ගාල්ල දිස්ත්‍රික්කයේ රෝගීන් 06 දෙනාම වාර්තා වි ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගීන්ගෙන් හතර දෙනකු දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ද ඒක් අයෙකු මාතර මහ නගර සභා බල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදනය වී රෝහල් ගත කළ 167 දෙනකු සුවය ලබා නිවෙස්වලට පැමිණ සිටින අතර මාතර දිස්ත්‍රික්කයේ 68 දෙනකු හා හම්න්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලන් 23 දෙනකු සුවය ලබා පැමිණ සිටියි.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

