දකුණේ කොවිඩ් ආසාදිතයින් ගණන 266 දක්වා ඉහළට
දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 266 දක්වා වැඩිවි ඇති බැව් දකුණුපළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ඊයේ දින තුල පමණක් දකුණු පළාතෙන් කොරෝනා රෝගින් 12 දෙනෙකු වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි.
ඉන් රෝගින් 09 දෙනෙකුම වාර්තා වි ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගින් වැලිපිටිය හා අකුරැස්ස යන ප්‍රදේශවලින් වාර්තා වි ඇත. වැලිපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 08 දෙනෙකු වාර්තා වි ඇති බවද කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරිවරයා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දින තුල කොරෝනා රෝගින් 03 දෙනකු වාර්තා වි ඇති අතර හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිත රෝගින් 02 නෙකු හා බලපිටිය කොට්ඨාසයෙන් එක් රෝගියකු වාර්තා වි ඇත.
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 169 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 66 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 31 දෙනෙකු වාර්තා වි ඇත.
එක් මරණයක් වාර්තා වි ඇති අතර ඇය අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි. මේ අතර කොරෝනා ආසාදිත රෝගින් 149 දෙනෙකු සුවය ලබා ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ 95 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් 32 නෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 22 නෙකු සුවය ලබා ඇති බවද කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
