තේරීම්කාරක සභාවක් ගැන අගමැතිගෙන් යෝජනාවක්
දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කර ඇති යෝජනාව ලබන 05 වන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
එම යෝජනාව එදින පස්වරුවේ සභාව කල් තැබෙන අවස්ථාවේදී සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
අදාළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සාමාජිකයන් 15 දෙනෙක්ගෙන් සමන්විත වන අතර කථානායකවරයා විසින් තේරීම් කාරක සභාව පත් කිරීමෙන් පසු මාස 06ක් ඇතුළත තම නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව යෝජනාවේ සඳහන් වන බව මහ ලේකම්වරයා සඳහන් කළේය.
දැනට පවතින මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති වල පවතින අඩුපාඩු හඳුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් වන සංශෝධන නිර්දේශ කිරීම මෙම කාරක සභාවේ වගකීම වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

