තිරිගු පිටි මිල රු.8.50කින් ඉහළට
ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල ඊයේ (16) දින මධ්‍යම රාත්‍රියේ සිට රු 8.50කින් ඉහළ දමා ඇති බව ප්‍රිමා තිරිගු පිටි සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.
ඉකුත් 14 දින මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රිමා තිරිගු පිටි මිල රු 8.50කින් වැඩි කර , පසුව රජයේ මැදිහත් විමක් මත වැඩි කළ පිටි මිල යළිත් ආපස්සට ගෙන තිබුණි.
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිමෙන් අනතුරුව යළිත් ප්‍රිමා සමාගම තිරිගු පිටි කිලෝවක මිල වැඩි කර ඇත.
මේ අනුව සෑම ප්‍රිමා තිරිගු පිටි කිලෝවකම මිල ඉහළ යන අතර පාන් සහ බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරන ප්‍රිමා තිරිගු පිටි කිලෝවක් රු 104.50 දක්වා ඉහළ යන බවයි ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් කියාසිටියේ.

popular news
-
Champa Sunday, 17 November 2019 09:49 AM
දැන් කාගේ ආණ්ඩුවද පිටි මිල වැඩි කලේ? පොහොට්ටුවද යූඑන්පිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

