තැපැල් ඡන්දයෙන් තම අපේක්ෂකයා ජයගෙන ඇතැයි කීම අසත්‍යයක්
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම්වලින් තම අපේක්ෂකයා ජයගෙන ඇති බවට ඇතැම් දේශපාලඥයන් හා පුද්ගලයින් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
තැපැල් ඡන්දය ගණනය කරන්නේ නොවැම්බර් 16 දා පස්වරු 5න් පසුව බවත් ඔහු ප්‍රකාශ කරයි.
එවැනි තත්ත්වයක් තුළදී ඇතැම් පිරිස් තම අපෙක්ෂකයා ජයගෙන ඇති බවට පවසන ප්‍රකාශ සෙසු ඡන්ද දායකයන්ට බලපෑමක් ඇතිවිය හැකි බවත් සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

popular news
-
ලසන්ත Thursday, 07 November 2019 06:13 AM
ගරු සභාපතිතුමණි ඡන්ද ස්ථානාධිපති වරුන් හෝ වරියන් ඔහුගේ/ඇගේ සහායට කැදවාගෙන යන්නේ හිතවත් අයෙක්.සමහර ඡන්ද මධ්‍යස්ථානවලදී එම සහායකයා ඡන්ද දායකයා ඡන්දය ප්‍රකාශකරනවා බැලීමට ලකුණුකරන කුටිය අසලට එනවා.එක් වරක් මම එහෙම කෙනෙකුට දොස් කිව්වා.නම්ත් ඒගැන තේරීම්භාර නිළධාරියාට දුරකථනයෙන් දැන්වූවිට බල්ලාගේ වැඩය බූරුවාට පැවරුවා වගේ වෙනත් කෙනෙකුට කියන්න කිව්වා.මේගැන අවධානය යොමුකලොත් හොඳයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

