තැන තැන සිදුවන මාරක අනතුරු
- 19 11 2026
- 08:42
- {{hitsCtrl.values.hits}} views
- ..
ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට - මහවෙල පොලිස් වසම.
2026.11.18 දින දහවල් මහවෙල පොලිස් වසමේ දඹුල්ල මාතලේ මාර්ගයේ මඩවල උල්පත ප්රදේශයේදී දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා මාතලේ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු අවුරුදු 62 ක් වූ මාතලේ ප්රදේශයේ පදිංචිකරුවෙකි. ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ත්රීරෝද රථයක ගැටී මගී කාන්තාවක් ජීවිතක්ෂයට - පෝද්දල පොලිස් වසම.
2026.11.18 දින උදෑසන පෝද්දල පොලිස් වසමේ ගාල්ල වක්වැල්ල මාර්ගයේ කිලෝමීටර් 07 කණුව ආසන්නයේදී වක්වැල්ල දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් බස්නැවතුම්පලක සිටි මගී කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.මරණකාරිය අවුරුදු 62 ක් වූ ඇල්හේනවත්ත, ගාල්ල ප්රදේශයේ පදිංචිකාරියකි. ත්රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පෝද්දල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
බස් රථයක් ත්රීරෝද රථයක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට - දඹුල්ල පොලිස් වසම.
2026.11.18 දින සවස දඹුල්ල පොලිස් වසමේ දඹුල්ල කුරුණෑගල මාර්ගයේ රංගිරි දඹුලු ක්රීඩාංගනය ආසන්නයේදී කුරුණෑගල දෙසට ධාවනය වූ බස් රථයක් වෙනත් රථයකට ඉස්සර කිරීමට යාමේදී විරුද්ධ දෙසින් පැමිණි ත්රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රීරෝද රථයේ රියැදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් හා පිරිමි පුද්ගයෙකු දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇත.මරණකාරිය අවුරුදු 50 ක් වූ කිතුල්හිටියාව ප්රදේශයේ පදිංචිකාරියකි. බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දඹුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ලොරි රථයක් යතුරුපැදියක ගැටී පසුපැදිකරු ජීවිතක්ෂයට - දොම්පේ පොලිස් වසම.
2026.11.18 දින සවස දොම්පේ පොලිස් වසමේ පූගොඩ හංවැල්ල මාර්ගයේ ගිරිදර හන්දිය ආසන්නයේදී හංවැල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදියේ පසුපැදිකරු එම ස්ථානයේම මියගොස් ඇති අතර පැදිකරු බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇත.මරණකරු අවුරුදු 31 ක් වූ පූගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දොම්පේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
වෑන් රථයක් ත්රීරෝද රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට - හසලක පොලිස් වසම.
2026.11.18 දින රාත්රී හසලක පොලිස් වසමේ හසලක හෙට්ටිපොල මාර්ගයේ 13 ඇල ප්රදේශයේදී හෙට්ටිපොල දෙසට ධාවනය වූ වෑන් රථයක් විරුද්ධ දෙසින් පැමිණි ත්රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්රීරෝද රථයේ පසුපස ගමන්ගත් පුද්ගලයෛකු බරපතල තුවාල ලබා හසලක රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු අවුරුදු 43 ක් වූ හසලක ප්රදේශයේ පදිංචිකරුවෙකි. වෑන් රථයේ රියැදුරු හා ත්රී රෝද රථ රියැදුරු තුවාල ලබා හසලක රෝහලේ ප්රතිකාර ලබයි. හසලක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
