තලාතුඔය දේවාලයක ඊයේ (25දා) අලුයම සිදුවූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ අලුයම මෙම කොල්ලයට සැකකරුවන් හය දෙනෙකු පැමිණ ඇති අතර එහිදී කිලෝ 10කට අධික රන් ආභාරණ හා මුදල් ලක්ෂ 4ක් පමණ ඔවුන් කොල්ල කා තිබේ.
සී.සී.ටී.වි. දර්ශන ඔස්සේ කරන ලද පරීක්ෂාවලට අදාළව සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇති අතර ඒ ඔස්සේ කළ පරීක්ෂණවල ප්රථිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
එසේම කොල්ල කන ලද රුපියල් කෝටි 5කට අධික රන් ආභරණ පොලීසිය විසින් සොයාගෙන ඇත. මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ තලාතු ඔය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණය සිදුකරයි.
