ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවකාවක් ඇයගේ කැමැත්තකින් තොරව රැගෙන ගොස් නාඳුනන පිරිසක් විසින් තර්ජනය කර ඇතැයි ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එය “බරපතල හා පිළිගත නොහැකි ක්‍රියාවක්” බවයි.
සඳුදා දිනයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර පැය දෙකක පමණ කාලයකින් පසුව ඇයව නිදහස් කර තිබුණි.
මේ පිළිබඳව අදහස් දක්වා ඇති ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අදාළ සේවිකාවගෙන් තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු විමසා ඇති බවයි.
ස්විට්සර්ලන්තය වහාම මෙම සිද්ධිය ශ්‍රී ලංකා බලධාරීන්ට වාර්තා කළ බවත් ඒ පිළිබඳව කඩිනම් හා සම්පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා සිටි බවත් ස්විට්සර්ලන්ත විදේශ කටයුුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
මේ අතර ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ද බර්න්හි විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇති බව ඔහු පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් ප්‍රශ්න යොමුකළ අතර සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එම සිදුවීම පිළිබඳව තමන් නොදන්නා බවයි.
එසේම වැඩබලන පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු ඇතැයිද ඔහු පැවැසිය.
