ත්රි රෝද රථයක් හා කාර් රථයක් ගැටි දෙදෙනෙක් මරුට
මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වු ත්රි රෝද රථයක් හා දඹුල්ල දෙසින් පැමිණි කාර් රථයක ගැටි දෙදෙනකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පසුගියදා රාත්රි (10) අටයි හතලිස් පහට පමණ මෙම අනතුර සදුව ඇති අතර සිද්ධියෙන් පසු ත්රි රෝද රථය ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය කියයි.
නාඋල - අරංගල සිරි අරහන්ත පබ්බතාරාම විහාරස්ථානය ඉදිරිපිට සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් කාර් රථය පැදවු රියදුරු නාඋල පොලිසියේ අත්අඞංගුවට ගෙන තිබේ.
අනතුර හේතුවෙන් ත්රි රෝද රථයේ රියදුරු වන පන්සල පාර, පිළිහුඞුගොල්ල, නාඋල ලිපිනයේ පදිංචිව සිටි ජි.එම්.විමලරත්න ( 65) යන අය මියගොස් ඇත.
එමෙන්ම ත්රි රෝද රථයේ ගමන් ගත් අංක 65 හීනයපොළ පාර ජයන්ති පුර ලිපිනයේ පදිංචිව සිටි හීනා ගමගෙදර සෝමාවතී(76) යන අයද අනතුර හේතුවෙන් මියගොස් ඇති බව පොලිසිය කියයි.
එම ත්රිරෝද රථයේම ගමන් ගත් සමූහ ගොවිපොළ අරන්ගල,නාඋල ලිපිනයේ පදිංචිව සිටි හීනා ගම ගෙදර නන්දාවතී(71) යන අය අනතුර හේතුවෙන් තුවාල ලබා දඹුල්ල රෝහලේ දැඞි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.සිද්දීය සම්බන්ධයෙන් නාඋල පොලිසිය පරික්ෂණ පවත්වති.
ඉන්දික අරුණ කුමාර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                