ත්‍රිරෝද රථ වැඩිවී හයර් අඩුවෙලා
වර්තමානයේ ත්‍රිරෝද රථ රියැදුරෙකුට ලැබෙන කුලී ගමන් (හයර්) ප්‍රමාණය අඩු වීමෙන් ඔවුන් වැඩ කරන සැබෑ කාලය පැය 02කටත් වඩා අඩු වී ඇතැයි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
දිනකට පැය 08ක් කුලී ගමන් සඳහා වෙන්කරන රියැදුරෙකුට පැය 02කට අඩු කාලයක් කුලී ගමන් ලැබෙන බව එම සමීක්ෂණය මගින් ආනාවරණය වී ඇති අතර ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම මෙයට හේතුවී ඇත.
ඒ අනුව ඉතිරි පැය 06ක පමණ කාලය කුලී ගමන් ලැබෙනතුරු නිකරුණේ ගත කරන කාලයක් වී ඇතැයිද මෙමගින් හඳුනාගෙන තිබේ.
ප්‍රවාහන අමාත්‍යාංශ සංඛ්‍යාලේඛණ වලට අනුව 2017 වසර වන විට ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ 1 139 524 ක් අතර, එමගින් විශාලප්රමාණයක් කුලී රථ (හයර් යාම සඳහා) භාවිත වේ.
ත්‍රිරෝද රථ රියැදුරන් අතරින් වැඩිම පිරිස වයස අවුරුදු 35ත්, 39ත් අතර පිරිස වන බවත්, ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායෙන් සෑම 09 දෙනෙකුටම එක්අයෙකු ත්‍රිරෝද රථ රියැදුරෙකු බවත් හඳුනාගෙන ඇත.

popular news
-
piyum Thursday, 31 January 2019 08:36 AM
මීටර් එකක් දල යනවනම් ඕන තරම් හයර් ඇත. මීටර් නැති ත්‍රී වීලර් තමා අව්වේ කර වේවි ඉන්නේ. නෙතුව ත්‍රී වීලර් වැඩිකම නොවේ.
Reply : 0 2
anta Thursday, 31 January 2019 09:39 AM
පික් බී ඌබර් හේතුවයි
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

