නොච්චියාගම, සිංහාරගම ප්රදේශයේදී නොච්චියාගම සිට අනුරාධපුර දෙසට ගමන්ගත් ත්රිරෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (29දා) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අවුරුදු 48 ක් වන ආර්.ජී. රාජපක්ෂ, අවුරුදු 12ක් වන ලසිත් රාජපක්ෂ හා අවුරුදු 48ක් වන ඩබ්.ඒ. දයාවතී යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.