ත්‍රිකුණාමලය වරාය ඉඩම තුළ යකඩ කර්මාන්ත ශාලාවක් ඉදිනොකරන බවත්, ඒ සඳහා විකල්ප ඉඩමක් ගැන සොයාබලන ලෙස වරාය අධිකාරිය සඳහන් කරන බවත් වරාය හා නාවික කටයුතු, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.
ත්‍රිකුණාමල ප්‍ර‘දේශය පිළිබඳ රජය අධ්‍යයන කටයුතු රාශියක් සිදුකර තිබෙන බවත්, එහිදී මෙම ප්‍ර‘දේශ සංචාරක කර්මානතයටත් සැහැල්ලු හා මධ්‍යම කර්මාන්තවලටත් ඒ ප්‍ර‘දේශ හඳුනාගෙන තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ අනුව පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය ඒ ප්‍ර‘දේශය ආශ්‍රිතව ආරම්භ කරන බවත්, එවැනි තත්ත්වයක් තුළ යකඩ කර්මාන්ත ශාලා ව්‍යාපෘතියකට වරායේ ඉඩමක් ඉල්ලා තිබෙන බවත් හෙතෙම සඳහන් කර සිටියේය.
අදාළ ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලය හරහා පැමිණෙන බවත්, මේ නිසා ආයෝජන මණ්ඩලය හා වරාය අධිකාරී නිලධාරීන් අතර කෙටි සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර, එහිදී වරායේ ඉඩම වරාය සංවර්ධනයට අවශ්‍ය බවට නිලධාරීන් පෙන්වාදී තිබෙන බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය.
