ත්රස්තවාදීන්ගේ නිවාස 17ක් හා පුහුණු කඳවුරු 7ක් සොයාගනියි
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තවාදීන් භාවිත කළ ආරක්ෂක නිවාස 17ක් හා පුහුණු කඳවුරු 7ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.
අද (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.
සොයාගත් නිවාස 17 කටුවපිටිය මීගමුව,සරික්කමුල්ල පානදුර, ශාන්ත අන්තෝනි පාර කෙළඹ 03, ටෙම්පල්ස් පාර ගල්කිස්ස, එඩේරමුල්ල වත්තල, වනාතවිල්ලුව. සයින්දමර්දු 9, මල්වාන, තිහාරිය, කොච්චිකඩේ දලුවකොටුව, කුලියාපිටිය, හෙට්ටිපොළ, කටුපොත, නින්දවුර්, වාලච්චේන, සමන්තුරේ, මයුර පෙදෙස කොළඹ 6 යන ස්ථානවලින් සොයාගෙන තිබේ.
පුහුණුකඳවරු වනාතවිල්ලුව, හම්බන්තොට, නුවරඑළිය, නුවර අරුත්පොළ, මල්වාන, වාලච්චේන, කන්තන්කුඩි යන ප්‍රදේශවලින් සොයාගෙන තිබේ.

popular news
-
Champa Monday, 20 May 2019 02:30 PM
මේකට මුකුත් ලිව්වෙත් නැහැ අරකට කේන්තියට. ඇයි පොලිසිය සහ හමුදාව මරක්කලයන්ගේ ගෙවල් සහ පල්ලි වලට කරපු සංවිධානාත්මක ප්‍රහාරය වැලක්කුවේ නැත්තේ? එදා බෝම්බ පිපිරෙන බවට ප්‍රචාරයක් ඇරලා තිබ්බ නිසා රටපුරා ආරක්ෂාව තර කරලා කිව්වා. එතකොට බුද්ධි අංශත් නිදා හිටියද? දනිස් පොල් කටු එකක් දෙකක් හිල් කළා නම් ඔච්චර විශාල හානියක් කරන්න නැතුව නවත්ත ගන්න තිබ්බ නේද? දැන් බලන්න මේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරලා සිය ගානක් මිනිස්සුත් මරල දැම්ම. දැන් ඒ මදිවට මහජන මුදල් බිලියන් ගානක් වන්දිත් ගෙවනවා උන්ම හානි කරගත්ත ගෙවල් සහ පල්ලි වලට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

