ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක්
ත්‍රස්තවාදය වැළැක්වීම වෙනුවෙන් නව පනතක් ඉදිරිපත් කිරිමට රජය කටයුතු කර තිබේ. ත්‍රස්තවාදයෙන් හා ත්‍රස්තවාදය ආශ්රිත ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අදාළ සියලු පාර්ශ්වයන් සමග සාකච්චා කර මෙම පනත සකස්කර තිබේ.
මෙම පනත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, තවදුරටත් සංශෝධන තිබේනම් ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමටත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
popular news
-
Champa Wednesday, 12 September 2018 04:34 PM
2015 හංසයා දිනවන්න කොටින් දීපු කොන්දේසි වලින් ලොකුම එකක් තමයි මේකත්. සියලු පාර්ශව එක්ක සාකච්චා කළා කිව්වේ, මහා නායක හිමිවරු ඇතුළු වෙනත් බෞද්ධ සංඝනායකවරු ඇතුළු මහා සංඝ රත්නය, හිටපු ජනාධිපතිතුමා, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය, පැවිදි හඬ, ගෙවිඳු කුමාරතුංග (මොකක්ද සංවිධානේ නම මතක නැහැ ටික දවසකින් දැක්කේ නැති නිසා), වියත් මඟ, තව බොහෝ ජාතික සංවිධාන තියෙනවා, මේවා එක්ක සාකච්චා කලාද? මම නම් දැක්කේ නැහැ මේ කියන ත්‍රස්තවාදී පනත වෙනස් කරන්න ගෙනාපු යෝජනා ගැන කවුරුවත් කතා කරනවා.
Reply : 0 1
Champa Wednesday, 12 September 2018 04:42 PM
අනිත් භයානක දේ අලුත් ත්‍රස්තවාදී පනතක් ගෙනාපු ගමන් පරණ පනත යටතේ සිරගත වෙලා ඉන්න භයානක ත්රස්තවාදීන් සියල්ල නිදහස් කරන්න වෙනවා, ඒ පිරිස මේ අලුත් පනතට යටත් කරලා ගන්න clause එකක් නැත්නම්. මේක හරිම භයානකයි. ජනාධිපතිවරණයක් ලබන අවුරුද්ද අග එන්න තියෙන කොට රනිල් හැර අනිත් හැම පක්ෂ නායකයෙක්ගේම ජීවිත අනතුරේ. විශේෂයෙන් හිටපු ජනාධිපතිතුමාගේ. ඉතුරු වෙලා ඉන්න කොටි ටික නිදහස් කලොත් ඒ පිටින් දාලා වෙන කවුරුහරි වුනත් අනතුරක් කරන්න ඉඩ තියෙනවා. මෙහෙම හදිසියේ මේ තරම් බරපතල දෙයක් කරන්න දෙන්න එපා. --- සිංහලයෙනි අවදිවව්!!!!!! දැන් කතා නොකර ඉඳල පස්සේ පසුතැවෙන්න එපා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

