ත්‍රස්තවාදය ලොවින් තුරන් කිරිමට සියලු රාජ්‍යයන් අත්වැල් බැඳ ගත යුතුයි - ජනාධිපති
ආගමික අන්තවාදයෙන් බිහිවන අන්තවාදී ත්‍රස්තවාදය ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලූ රාජ්‍යයන් මිත්රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (15) පෙරවරුවේ චීනයේ බීජිං නුවර දී ආරම්භ කෙරුණු ,ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතමිනි.
ප්‍රථම වරට සංවිධානය කෙරුණු මෙම සමුළුවට චීන ජනාධිපති ෂි ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බීජිං නුවර දී ආරම්භ කෙරුණු අතර එහි විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද එක් විය.
රටවල් 47ක රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් දෙදහසකට වැඩි පිරිසක් සමුළුවට එක් ව සිටින අතර ගෝලීය අභියෝග රැසකට මුහුණ දෙන මානව සංහතියේ පැවැත්ම උදෙසා ලෝක ජනතාව අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගෞරවය සුරැකිමේ අරමුණ ඇතිව ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සහ දැනුවත් කිරීම මෙම සමුළුවේ දී සිදු කෙරේ. සමුළුව අපේ‍්‍රල් 22 වනදා දක්වා බීජිං නුවර දී පැවැත්වේ.
සමුළුව ඇමතූ ජනාධිපතිතුමා යෝජනා කර සිටියේ ආසියාතික ශිෂ්ටාචාරය පිළිබඳ කතා කරන මෙම සමුළුවෙන් නැගෙන හඩ සහ චීන ජනාධිපති ෂි ජින්පින් මහතාගේ නායකත්වයෙන් යුතුව මිත්‍රශීලී සංවිධානයක් ලෙස ඇතිවන එකමුතුව සහ එකඟතාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයත්, ආගමික අන්තවාදී ත්‍රස්තවාදයත් පරාජය කිරීම සඳහා ශක්තියක් බවට පත්කරගත යුතු බවයි.
ශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකින් යටපත් කළ නොහැකි අතර, ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය නීතියකින්, ව්‍යවස්ථාවක් හෝ ජාත්‍යන්තර නියෝගයකින් යටපත් කර තැබිය නොහැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
කිසිදු රටකට, කිසිදු ජාතියකට හෝ කිසිදු ශිෂ්ටාචාරයකට මෙන්ම සංස්කෘතියකට තර්ජනයක් නොවන ලෙස නිදහසේ සහ සාමකාමීව කටයුතු කරන රටක් ලෙස ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයට සහ සංස්කෘතියට නොපෙනෙන බලවේගවලින් එල්ලවන අභියෝගවල දි සෑමවිටම සියලූදෙනා එකාවන්ව අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
Kumar Wednesday, 15 May 2019 07:33 PM
ත්‍රස්තවාදය ලොවෙන් තුරන්කිරීමට හැකිකෙනෙක් තවම ඉපදිලානැ . ලෝකයේ බලගතුම රටවල්වලට මේ තර්ජන සම්පුර්ණයෙන් නැතිකරන්න බැරිව ඉන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

