ත්‍රස්තවාදය මර්දනයට සමාජ මාධ්‍ය අභියෝගයක්
ත්‍රස්තවාදය මර්දනය කිරීමේ කටයුතුවල දී ප්‍රධාන අභියෝගයක් බවට සමාජ මාධ්‍ය පත්ව ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජාතිවාදය සහ ආගම්වාදය පැතිරවීමේ අරමුණින් යම් යම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන අසත්‍ය ප්‍රචාර රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට බාධා පමුණුවමින් සිටින බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු විදෙස් සංවිධාන නියෝජිතයන් සමඟ ඊයෙ (07දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී ය.
මෙහිදී විදෙස් තානාපතිවරු අදහස් දක්වමින් පවසා ඇත්තේ සමාජ මාධ්‍යවල මෙන්ම අනෙකුත් මාධ්‍යවල ප්‍රචාරය කෙරෙන ජනතාව බිය වැද්දීමේ ප්‍රකාශ වහාම නැවතීම වෙනුවෙන් රජය මැදිහත්විය යුතු බවයි.

popular news
-
මුණසිංහ Wednesday, 08 May 2019 05:33 PM
ඔන්න ඔය වින්නැහිය තමා 2015 දි සිදු වුණේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

