ත්රස්තවාදයට සම්බන්ධ නැති අය නිදහස් කරන්න - ජනපති
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරික්ෂණ කඩිනම් කර ත්රස්තවාදයට සම්බන්ධ නොවන සියලු දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දෙයි.
ජාතික ආරක්ෂක කමිටුව ඊයේ (19දා) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ය.
රටේ ආරක්ෂක වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ද සමාලෝචනයට ලක් කෙරිණි.
ආගමික උත්සව සහ මහජන හමුවීම් පැවැත්වෙන ස්ථානවල ආරක්ෂාව සහතික කිරීමට අඛණ්ඩව පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු පක්ෂ, විපක්ෂ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් ද, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, බුද්ධි අංශ ප්‍රධානින්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් මීට එක්ව සිටියහ.

popular news
-
Champa Thursday, 20 June 2019 08:03 PM
අර LRRP එකේ හිටපු, මුළු තරුණ කාලෙම රට වෙනුවෙන් සටන් කරපු හමුදා සාජන් සුනිල් රත්නායක, අවුරුදු 13 කුත් හිරේ තියල, ඊට පස්සේ වහල් පාලකයෝ බලයට ආපු ගමන් LTTE කාරයන්ගේම බොරු සාක්කි උඩ මරණ දඬුවමට නියම කළා. හැබැයි දෙමල හෝ මුස්ලිම් මිනිහෙක් අත් අඩංගුවට ගත්ත ගමන් මෙයට හරි අමාරුයි. බලයට එන්නත් කලින් සිංහලයන් පාවල දීල දෙමල මුස්ලිම් දේශපාලකයන්ට දහසක් පොරොන්දු දීල ආවේ. අදටත් ඒකේ වෙනසක් නෑ. ලංකාවේ ඊළඟ ජනාධිපති පත් වෙන්න ඕනේ සිංහල බෞද්ධ චන්ද වලින්. එහෙම නැතුව මේ පාවා දීම් කිසිවක් නැවත හරවන්න බැහැ.
Reply : 0 0
Deepal Nirosh Friday, 21 June 2019 11:13 AM
අනේ මෙහෙම ජනපති කෙනෙක්? මෙයාගෙ අවශ්‍යතාව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට පරීක්ෂණ පවත්වා දඬුවම් කිරීම වෙනුවට සම්බන්ධ නොවන අය නිදහස් කර ගැනීම. රටේ සැබෑ කාලීන ගැටළුව මොකද්ද කියා තේරුම් ගන්න බැරි හැටි? නැතිනම් අවශ්‍යතාවයක් නැතිකම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

