ගෝලීය තර්ජනයක් බවට පත් ව ඇති සියලු ම ආකාරයේ ත්රස්තවාදයට එරෙහි ව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍ය බව බ්‍රිතාන්‍ය විම්බල්න්ඩන් හි තරික් අහ්මඩ් සාමිවරයා අවධාරණය කරයි.
ඔහු පොදු රාජ්‍ය මණ්ඩල, එක්සත් ජාතීන්ගේ හා දකුණු ආසියාව පිළිබඳ බි්රතාන්ය රාජ්‍ය අමාත්‍යවරයාද වෙයි.
පාස්කු ඉරිදා කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව සහජීවන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ රජය ගෙන යන ලද වැඩපිළිවෙළද ඔහුගේ පැසසුමට ලක්ව තිබේ.
ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක නිරත අහ්මඩ් සාමිවරයා ඊයේ (01) කොළඹ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා හමු විය.
අන්තවාදී මානසිකත්වයකින් යුත් පුද්ගලයන්ගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ආගමක් විසින් කිසිවිට අනුමත නොකරන බව ද සාමිවරයා මෙහි දී සඳහන් කළේ ය.
