තහනම් දැලෙන් මසුන් ඇල්ලු 8ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් ඊයේ (6) දින ත්රිකුණාමලය, කෝකිලායි මුහුදු ප්රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අට දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීතිවිරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ මෙම පුද්ගලයින් නාවික හමුදා භාරයට ගෙන ඇත.
එම පුද්ගලයින් වයස අවුරුදු 20ත් 41ත් අතර වියෙහි පසුවන පුල්මුඩේ ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රා දෙකක්, පිටත දහන යන්ත්ර දෙකක්, නීතිවිරෝධි ලෙස අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 10ක් සහ තහනම් දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
එම පුද්ගලයන්, ඩිංගි යාත්රා, පිටත දහන යන්ත්ර, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි, ධීවර කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
මෙවැනි නීතිවිරෝධී ක්රම භාවිතා කර මසුන් ඇල්ලීම තුළින් සාගර සම්පත් විශාල වශයෙන් විනාශයට පත්වන අතර, එබැවින් මෙවැනි නීතිවිරෝධී ක්රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

