තවුහිද් ජමාත් සංවිධානයේ සැකකරු බේරන්න පොලිස් අල්ලස් දුන් පුද්ගලයා යළි රිමාණ්ඩ්
අත්අඩංගුවට ගත් ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු මුදාහරින්නැයි ඉල්ලමින් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදෙද්දී අත්අඩංගුවට ගනු ලැබු සැකකරු ලබන 11 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (04) නියම කළාය.
පරීක්ෂණ වල ප්රගතිය දැනුම් දෙමින් අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ හොරොව්පොතාන පදිංචි අබ්දුල් ගවුෆර් මොහොමඩ් නැමැත්තාය.
මෙම පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළ සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලැබී ඇති බව විමර්ශන වලදි අනාවරණය වී ඇති හෙයින් ඒ සම්බන්ධ විමර්ශන ආරම්භ කොට ඇති බවත් එම පරික්ෂණ කටයුතු අවසන් කොට නැති බවත් දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්රාත්වරිය මෙම පැමිණිල්ල ලබන 11 වැනිදා යළි කැඳවීමට නියම කළාය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

