තලාව ප්‍රා.සභාවේ කොවිඩ් පොකුර ඉහළට
අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභා සභාපති, උපසභාපති, මන්ත්‍රිවරුන් අට දෙනෙකු ඇතුළු 36 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇතැයි තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කපිල දිසානායක මහතා කියයි.
මේ හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නතර කර ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.
ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයේ විසි දෙනකුට ඊට ඇතුළත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ,ප්‍රධාන සහකාර කළමණාකාරවරිය හා සභාපතිවරයාගේ රියදුරාද ඊට ඇතුළු වේ.
කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමග සෘජුව සම්බන්ධතාවයක් නොපවත්වන අනෙක් සේවකයන්ද අහඹු පරීක්ෂණයට භාජනය කළ අවස්ථාවේදී ඉන් එක් අයකු ද මෙම රෝගයට ගොදුරු වී ඇති බව හදුනාගෙන තිබිණි.
මේවනවිට තලාව,මොරගොඩ,එප්පාවල,කටියාව,කැ
මෙයට අමතර මෙම කාර්යාලයේ සේවය කරන ගල්ගමුව, නාච්චාදුව, යනාදි ප්‍රදේශවල පදිංචිකරුවන් සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් දැනුවත් කළ බවද ඒ මහතා සදහන් කළේය.
තිසර සමල් එප්පාවල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

