තලවකැලේ සිට ඩෙස්පොඩ් හරහා නුවරඑළිය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ රියදුරන් ඊයේ (24) දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.
මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන තලවකැලේ බස් නැවතුම්පොළේ සිට කිරිමැටිය ඩෙස්පොඩ් හරහා දිනකට පෞද්ගලික බස් රථ 15ක් පමණ ධාවනය වේ.
එම මාර්ගයේ රදැල්ල මංසන්ධියේ සිට නානුඔය මංසන්ධිය දක්වා කිලෝමිටර 10ක් දුර මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිම හේතුවෙන් අවිධිමත් ලෙස පස් කපා ප්‍රධාන මාර්ගයට දැමිම නිසා එම මාර්ගයේ බස් රථ ධාවනය කිරිම දැඩි අවධානම් බව පවසමිනුයි එම මාර්ගයේ ගමන් ගන්නා පෞද්ගලික බස් රථ රියදුරන් වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ.
පෞද්ගලික බස් රථ වැඩ වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ අවට පිහිටි තේ වතු ගණනාවක මගින් දැඩි අසිරුතාවයට පත් වි ඇත.
තලවකැලේ සිට ඩෙස්පොඩ් හරහා නුවරඑළිය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ රියදුරන් කියා සිටින්නේ එම මාර්ගය වෙනුවට ඇති විකල්ප මාර්ගය වන රදැල්ල කෙටි මාර්ගයෙන් තම බස් රථ ධාවනය කිරිමට පොලීසිය මගින් ඉඩ ලබා නොදන බවත්, ඩෙස්පොඩ් මාර්ගයේ බස් රථ ධාවනයට සුදුසු තත්ත්වයෙන් මාර්ගය සකස් කර අදාළ මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලෙසය. එතෙක් එම මාර්ගයේ තම බස් රථ ධාවනය නොකරන බවද වැඩ වර්ජනයේ නියැලි සිටින පෞද්ගලික බස් රථ හිමියෝ කියා සිටියහ.
