තලෙයිමන්නාම් තොට හා මැදවච්චිය දුම්රිය ස්ථාන අතර පාලම් අළුත් වැඩියා කටයුතු හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය මැදවච්චියට පමණක් සීමා කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අද (16දා) සිට නොවැම්බර් 16 දා දක්වා මාස තුනක කාලයක් මෙසේ දුම්රිය ධාවනය සීමා කරන බවයි.
කිලෝමීටර් 305 හා 307 යන ස්ථාවවල පාලම් මෙසේ අලුත්වැඩියා කිරීමට නියමිතය. මේ හේතුවෙන් අපහසුතාවට පත්වන මගීන් වෙනුවෙන් විශේෂ ලංගම බස් රථ සේවයක් ක්රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
