තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කෙසෙල් මිල යළිත් දැඩි ලෙස පහත වැටී ඇති බව ගොවීහු පවසති. රාජාංගනය, ගල්නෑව, තලාව, එප්පාවල, තඹුත්තේගම, බුල්නෑව ආදි ප්‍රදේශ ආශ්රිත කෙසෙල් අස්වනු ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙන එන කෙසෙල් සදහා නිසි මිළක් නොලැඹෙන බව ගොවීහු පවසති.
වැඩි කෙසෙල් අස්වැන්නක් වෙළෙද පොළට පැමිණීමත්, වෙළෙදුන්ගේ පැමිණීම සීමාසහිත වීමත් කෙසෙල් මිල පහත වැටීමට හේතුවී ඇති බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. ඇඹුල් කෙසෙල් කිලෝවක තොග මිල රුපියල් 40 ත් 45 ත් අතර මිළකට පහත වැටී ඇති බවත්, සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 45 ත් 50 ත් අතර මිළකට සහ අලු කෙසෙල් කිලෝවක් රුපියල් 50 ත් 60 ත්අතර මිලකට අළෙවි වන බවත්ව්යාපාරිකයෝ පවසති. එමෙන්ම කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක තොග මිලද රුපියල් 180 ත් 200 ත් දක්වා පහත වැටී ඇති බවද ඔවුහු පවසති.
මේ අතර එළවලු තොග මිළද ඉකුත් සතියට සාපේක්ෂව පහත වැටී ඇති බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙද සංගමයේ සභාපතිසුනිල් සෙනෙවිරත්නමහතාකීවේය. ඒ අනුව කැකිරි සහ පිපිඥ්ඤා කිලෝවක් රුපියල් 30 ත් 35 ත් අතර මිළකට අළෙවි වන බව ඔහු කීය. පතෝල දිග වර්ගය රුපියල් 100 කටත්, කොට වර්ගය රුපියල් 60 ත් 70 ත අතර මිළකට අළෙවි වන ව්‍යාපාරිකයෝ පැවසීය.
අමු මිරිස් කිලෝවක් රුපියල් 550 ත් 600 ත් අතර මිළකට පහත වැටී ඇති බවද ඔවුහු කීහ. බණ්ඩක්කා කිලෝවක් රුපියල් 100 කටත්, තක්කාලිරුපියල් 220 ත් 230 ත් අතර මිළකටත්, වට්ටක්කා කිලෝවක් රුපියල් 80 කටත්, මෑ කරල් රුපියල් 180 ත් 200 ත් අතර මිළකටත්, කරවිල රුපියල් 300 ත් 320 ත් අතර මිළකටත් අළෙවි වන බව ව්‍යාපාරිකයෝ පවසති.
එමෙන්ම දෙහි කිලෝ කිලෝවක් රුපියල් 180 ත් 200 ත් දක්වා පහත වැටී ඇති බව ද ඔවුහු කීහ. බෝංචි කිලෝවක තොග මිළ 450 ක්, රතු අල 320 ක්, ලීක්ස් 230 ක්, මාලු මිරිස් 450 ක් දත්වාත් පහත බැස ඇති බවආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.
බුල්නෑව ප්‍රදීප් රණතුංග