තඹ කර්මාන්ත ශාලාවේ 9 දෙනාට TID හමුවේ පෙනී සිටින ලෙස නියෝග
ෂැංග්‍රීලා හෝටලට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ එක් ත්‍රස්තවාදියෙකුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප නියම වූ සැකකරුවන් 8 දෙනා හා බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවෙකුට එළැඹෙන 28 දා සිට 1 දා තෙක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනි සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්රිය්නත ලියනගේ මහතා සඳහන් කළේය.
එම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වන විමර්ශන ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් භාරගෙන තිබේ. එහිදී අත්අඩංගුවට පත්වූ 10 වැනි සැකකරු සම්බන්ධයෙන් ත්රස්තවිමර්ශන ඒකකය පරීක්ෂණ කරන බව පොලීසිය අධිකරණයට වාර්තා කළේය.
එසේම ඔහු මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම් සමග සමීප සබඳතා පවත්වා ඇති බවට පොලීසිය විසින් තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
ඉතිරි සැකකරුවන් 9 දෙනා සම්බන්ධයෙන් ලැබී තිබෙන තොරතුරු අනුව පරීක්ෂණ කරන බවත් ඉන් අනතුරුව ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නේ කුමන පනත යටතේද යන්න වග අධිකරණයට දැනුම් දෙන බවත් පොලීසිය පැවැසීය.
නඩුව නැවතත් එළැඹෙන 10 දා කැඳවීමට නියමිතය.10 වැනි සැකකරු එදින දක්වා බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

