දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉදිරි දින බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
යාපනය , මුලතිව් ,කිලිනොච්චි , ත්‍රිකුණාමලය , මඩකලපුව, අම්පාර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මි 100 -150 පමණ තද වැසි ඇති විය හැකි බව නිවේදනය කෙරේ.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ( රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල මි.මි 100 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින් තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අතුරු අවම කර ගැනිමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
