ණය ලබා ගැනිම රටකට අපරාධයක් නොවන බවත් තම පක්ෂයට ඒ සදහා වැඩපිළිවෙලක් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසිය.
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ‘‘ජන සභාව’’ රැස්විම් මාලාවේ මාතර දිස්ති‍්‍රක් ජන හමුව සදහා ඊයේ (28) සහභාගි වෙමිනි.
එහිදි අදහස් පළකල දිසානායක මහතා ,
ණය කියන්නේ අපරාධයක් නෙමෙයි. එක අපට අවශ්‍ය නම් ප්රාග්ධනය නැතිවුණාම ප්රාග්ධනය සපයා ගැනිම සදහා ණය ගන්නවා. දෙක, අපට ණය ගැනිමේ තාක්ෂණය නැතිවුණාම තාක්ෂණය ලබා ගැනිමට ණය ලබාගන්නවා. ලෝකේ රාජ්‍යයන් එහෙමයි. එවැනි ණයක් අපට බර වෙන්න හේතුව තමයි අපි ගන්න ණය වලින් ඇත්ත වත්කම් හෙළිනොවිම.
දැන් මේ පාලකයෝ ති‍්‍රලියන 11 ක් ණයකරුවෝ බවට පත්වෙලා තියෙනවා. විගණකාධිකාරිවරයා කියනවා ති‍්‍රලියන 11 ක් ණය ගත්තට වත්කම් තියෙන්නේ 1.8 ක් කියලා. එතකොට 9.2 ක් අතුරුදන් . අපි හිතන් හිටියේ අතුරුදන් වෙන්නේ 10% යි කියලා. නමුත් මේකේ අතුරුදන් වෙච්ච ගාන 90% ක් වගේ එකෙන් තමයි ණය අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ. ණය වලින් ඇත්ත වත්කම් හුදුනේ නැහැ.
උදාහරණයක් ගත්තොත් මාතර ගාල්ල දුමිරියපාර අධිවේගි කරා ඩොලර් කෝටි 6 ක් වැය කරලා. මාතර ඉදන් කොළඹටම අධිවේගය කරන්න ඩොලර් මිලියන 50ක් වැය වෙලා තියෙනවා. අධිවේගය කරන්න කලින් දුම්රිය ඇමති ඩලස් අලහප්පෙරුම. අධිවේගය කරාට පස්සේ දුමිරිය ඇමති කුමාර වෙල්ගම. අපි දවසක් පාර්ලිමේන්තුවේ ඇහුවා මේ පාර අධිවේගය කරන්න කලින් මාතර ඉදන් ගාල්ලට යන්න කොච්චර වෙලා යනවද කියලා විනාඩි 42 ක් යනවා කිවුවා. එතකොට අපි ආයේ ඇහුවා දැන් අධිවේග කරාට පස්සේ කොච්චර වෙලා යනවද කියලා විනාඩි 39ක්ලු. විනාඩි 3 යි අඩුවෙලා තියෙන්නේ. කෝටි 1000ක් ගිහින් තියෙනවා. මුත්‍රා කරන්නවත් වෙලාවක්වත් නෙමෙයි. ඉතින් ණය බරක් වෙන්නෙ නැද්ද?
ඒ නිසා මේ ණය බරක් වෙලා තියෙන්නේ අන් කවර කරුණක් නිසා නෙමෙයි ණය වලින් අපි ඇත්ත වත්කම් හැදුවේ නැති නිසා. ණය වලින් අවශ්‍ය වත්කම් නිර්මාණය කළේ නැති නිසා. මේ ළඟදි අපි දැක්ක ජනාධිපතිතුමාම කියනවා නෙලූම් කුලූණට දිපු කෝටි 200 ක් දිපු තැනක්වත් නැ කියලා. ඒ වගේම අපේ හදුන්නෙත්ති සහෝදරයා පෙන්නුවා සුර්යවැව කි්රඩාංගණය ඉදිකිරිමේදි වියදම බිලියන 5 යි. හැබැයි එය තක්සේරු කරාම වටිනාකම බිලියන දශම 9 යි. ඒ කියන්නේ කෝටි 500 ක ඉදිකිරිමක් කරාම ඒක තක්සේරු කරාට පස්සේ තියෙන්නේ කෝටි 90යි කෝටි 410 ක් අතුරුදන්වෙලා තියෙන්නේ. මේ අර්බුදය පත්තුවුණේ එතනින්.
එහෙනම් මේ අර්බුදයට අපේ තියෙන විසදුම් තමයි ණය. නැවත අපි සමිකරණයකට ලක් කරන්න ඕන. ඒ අය එක්ක සාකච්ජා කරලා. දෙක නැවත අපි ණය ගන්න අවශ්‍ය තැන් දෙකක් තියෙනවා යොදවන්න. එක නිෂ්පාදනය කිරිම් වලට, අපේ රටේ විශාල කර්මාන්ත පද්ධතියකට ණය ගන්න ඕන. උදහරණයක් විදියට කුරුදු කර්මාන්තය ගන්න පුළුවන්. දෙක අපේ රටේ මිනිරන් සම්පතක් තියෙනවා එතනට ඕන කර්මාන්ත ශාලාවක් අලූත් තාක්ෂණය එක්ක. ඊළඟට පොස්පේට් නිදිය දිර්ඝකාලින වගාවන් සදහා සම්පත එතන තියෙනවා. එය ප්‍රයෝජනයට ගන්න ඕන. අන්න ඒ වගේ ජාතික නිෂ්පාදනය වැඩි කිරිමේ සැලැස්මක් අපට තියෙනවා. ජාතික නිෂ්පාදනය වැඩි කිරිමෙන් තමයි ආදායම වැඩිකරන්න පුළුවන්කම තියෙන්නේ .’’ යැයි දිසානායක මහතා තවදුරටත් පැවසිය.
