ණයවර ලිපි විවෘත කරන්න ඕනේ පොහොර ගැන පරීක්ෂා කරලයි
චීන පෙහොර නැව මෙරටට පැමිණීමට අදාල ණයවර ලිපි විවෘත කර ඇත්තේ නියමිත පරීක්ෂණයකින් තොරව බව රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක පවසා සිටියි.
මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමති....
“මං හිතන්නේ හැමෝටම අමතක වෙලා තියෙනවා චීනේ නැව ගේන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව.ලංකාවෙන් අපි ණයවර ලිපි විවෘත කරලා තියෙනවා. ණයවර ලිපි විවෘත කරලා තියෙන්නේ පරීක්ෂණය කරලද නැද්ද කියන එක අපේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. අපි කොහොමද ණයවර ලිපි විවෘත කරන්නේ නියමිත පරීක්ෂණයක් කරන් නැතුව.ඒ නිසා චීනෙට දොස් කියන්න බෑ,වෙන කාටවත් දොස් කියන්න බෑ. ලංකාවට ගේන්න පුලුවන්ද බැරිද,ලංකාවට සුදුසුද නැද්ද,අනපනත් වලට යටත්ද කියන බලන්න ඕන කම තියෙන්නේ ණයවර ලිපි විවෘත කරන්න කලින්.”
popular news
-
D.P.Liyanage Wednesday, 27 October 2021 06:24 PM
මෙහෙමත් මෝඩ ඇමතිලා. හරි, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඒගැන සැලකිළිමත් විය යුතුයි තමා. නමුත් සිතන්න එම අවස්ථාවේදී දුන් සාම්පල ප්‍රමිතියට තිබුණාමයි කියලා. ඊටපසුව ණයවර ලිපි හරිගස්සලා ද්‍රව්‍ය හෝ භාණ්ඩ ගෙන ඒමට අනුමැතිය දුන්නා කියලා. එවිට අවශ්‍ය ප්‍රමිතියට නොමැති භාණ්ඩ ඔවුන් ලබාදුන්නොත් මොකද වෙන්නේ? ප්‍රසම්පාදන ක්‍රියාවලිය මොකක්ද කියලාවත් නොදන්න ඇමතිවරු. අර ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා තිබෙණ ගයිඩ් ලයින්ස් වත් කියවලා නොමැති මීහරක් ඇමතිලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

