ඩෙංගු රෝගය හේතුවෙන් මාතර වැලිගම ප්‍රදේශයේ සරසවි සිසුවියක ජිවිතක්ෂයට පත්ව ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයකු පැවසිය .
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම මහවිදිය ප්‍රදේශයේ පදිංචි හෝමාගම හරිත සරසවියේ උපාධිය හදාරමින් සිටි ප්රශානි වත්සලා (26) නමැති සිසුවියකි .
ඇය වැලිගම සුමංගල බාලිකා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනයෙන් පසුව උසස් පෙළ විභාගයෙන් සමත්ව හෝමාගම හරිත සරසවියට ඇතුලත්ව අවසන් වසරේ අධ්‍යාපනය ලැබු සිසුවියකි .
මෙම වසරේ වැලිගම නගරයේ පමණක් ඩෙංගු රෝගින් 100 ට අධික ප්‍රමාණයක් වාර්තා වි ඇති අතර මියගිය සිසුවියගේ නිවසේ සහ අසල්වැසි නිවෙස්වල ඩෙංගු රෝගින් සිටින බවටද වාර්තා වේ .
ප්‍රදේශවාසින් ඉල්ලා සිටින්නෙ මෙම තත්ත්වය පාලනය කිරිමට යම් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙසත්ය .
