ඩීසල් පෙට්‍රල් ජෙට් 1 ඉන්ධන බැරල් මිලියන 3.22ක් මිලදී ගැනීමට යයි
2019 ඔක්තෝබර් මස 01 දා සිට 2020 මැයි 31 දා දක්වා ඩීසල්, ජෙට් ඒ - 1 හා පෙට්‍රල් බැරල් මිලියන 3.22ක් ආනයනය කිරිම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව මාස 8ක කාලයක් සඳහා ඩීසල් බැරල් මිලියන 1.04ක් හා ජෙට් ඒ - 1 බැරල් මිලියන 1.28ක් ආයනයන කිරීම සඳහා කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ M/s Mena Energy DMCC වෙතින් හා පෙට්‍රල් බැරල් 900000 ක් සිංගප්පූරුවේ M/S Vitol Asia pte Ltd සමාගමෙන් මිලදී ගැනීමට නියමිතය.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය අනුව ඉහත සමාගම් දෙක සඳහා කොන්ත්‍රාත් පිරිනමා තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කර තිබේ.

popular news
-
Kumar Wednesday, 18 September 2019 09:31 PM
මේ රටවල්වල වාහන ගමනය මේ මාසෙන් පසු අඩුවෙනවා. ඉන් පසු ඉන්ධන මිලත් අඩුවෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

