ඩ්වේන් ජොන්සන්-The Rock සහ පවුලටම කොවිඩ් හැදිලා
ඩ්වේන් ජොන්සන් (The Rock) සිය බිරිඳ සහ කුඩා දරුවන් සියලු දෙනා කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණයක් කළ බව හොලිවුඩ් රංගන ශිල්පියා සහ හිටපු රෙස්ලින් ක්රීඩකයා සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ වීඩියෝවක් තබමින් කියා සිටියේය.
"මෙය පවුලක් ලෙස අපට විඳදරාගැනීමට සිදු වූ ඉතාම අභියෝගාත්මක හා දුෂ්කර දෙයක් බව මට ඔබට පැවසිය හැකියි" ජොන්සන් පැවසීය.
ජොන්සන් පසුගිය වසරේදී ගායක ලෝරන් හෂියන් සමග විවාහ විය. මෙම යුවළට ජැස්මින් සහ ටියානා යන දියණියන් දෙදෙනෙක් සිටිති.
ජොන්සන් පැවසුවේ ඔවුන්ට වෛරසය ලැබුනේ ඉතා සමීප පවුලේ මිතුරන්ගෙන් බවය. නොදැනුවත්වම ජොන්සන්ගේ පවුලටම වෛරසය ආසාදනය වීම ගැන ඔවුන් පසුව කණස්සල්ලට පත්ව සිටි බවත් ඔහු කීවේය.
කෙසේ වෙතත් ඔහුට සහ ඔහුගේ පවුලේ අය මෙසේ වෛරසය ආසාදිත බව දැනගෙන ඇත්තේ මීට සති තුනකට පමණය. ඒ අනුව නිරෝධායනය වෙමින් සිටි පවුලේ සියලු දෙනා මේ වනවිට සුවය ලබා සිටින බවද ඔහු සඳහන් කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

