ටී.එන්.ඒ. නායකයින් කියන කතා
උතුරු සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යධූරය ඉදිරියේදී උතුරු නැගෙනහිර සංවර්ධන වශයෙන් වෙනස් වන බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (15) දින යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා,
‘අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය ඊට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට චෝදනාවන් තියනවා නමුත් අපි ඒක නිකං සිදු කළ දෙයක් නෙමෙයි රටතුළ ස්ථාවරත්වයක් නොතිබුනු කාලසීමාවක තමයි අපි ඒ දේ කලේ . අපි අගමැතිවරයාට සහයෝගය දෙන වෙලාවේදී බොහෝ දේ සාකච්ඡා කලා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥ කමිටු වාර්තාව ඉන් එකක් අනෙක අපේ ප්‍රදේශයේ සංවර්ධනය.
‘එනම් උතුරු නැගෙනහිර සංවර්ධනය නිසි ලෙස ඉටු කිරීමට නම් උසස් කළමනාකරණයක් අවශ්‍යයි කියලයි අපි කිව්වේ. ඒ නිසා තමයි උතුරු සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍යතුමන් ළග තියෙන්නේ දැන් ඒකේ නම උතුරු සංවර්ධන කටයුතු වුනාට ඉදිරියේදී උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශය කියල සංශෝධනය කරනවා කියලයි අපිට කිව්වේ අග්‍රාමාත්‍ය වරයා එම අමාත්‍යංශය ලබාගන්න හේතුව තමයි උතුරේ සංවර්ධන කරන්න ඕන ප්‍රදේශ පිළිබඳ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ක්‍රමවේදයක් සකස් කිරීම ඒ පිළිබඳව අපේ මන්ත්‍රීවරුත් සාකච්ඡා කලා.
එම ජනහමුවේදී අදහස් දැක්වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේ,
‘දැන් අපි ආණ්ඩුවත් සමග කතා කරල තියනවා උතුරු නැගෙනහිර යුද්දයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ සංවර්ධනය කරන්න කැබිනට් මණ්ඩලය කුමන හෝ පියවරක් ගන්නවනම් ඔවුන්ට දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කරල තමයි ගත යුත්තෙ කියලා ඒ සඳහා අපි 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හදලා තියෙන්නේ. යනුවෙනි.


popular news
-
Bandula. Wednesday, 16 January 2019 03:44 PM
මීලග මැතිවරණයට අහිංසක මිනිසුන් මුල කරන්න පටන් අරන් දැන්මම බොරු පුරසාරම් දොඩවනවා, අනේ මෙහ් දැන් වත් ජනතවට වැඩක් කරන්න බොරු පම්පෝරි නැතුව.
Reply : 0 14
Champa Wednesday, 16 January 2019 05:17 PM
ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් පස්සේ උතුරු නැගෙනහිර එකතු වෙන්න මහ ආණ්ඩුවේ අවසරය අවශ්‍ය නැහැ. ඊට පස්සේ ප්රභාකරන්ගේ හීනේ සැබෑ වෙනවා. මේ කතාව ඇතුලේ තියෙන්නේ ඒක. පණට ආදරේ තියෙන එක සිංහල මන්ත්‍රී කෙනෙක් ෆෙඩරල් ව්‍යවස්ථාවට පක්ෂව චන්දෙ දෙයි කියල මම නම් හිතන්නේ නැහැ. එහෙම චන්දෙ දුන්නොත් ඒ ගොල්ලන්ටත් ලංකාවේ අනිත් පළාත් වල ඉන්න දෙමල මිනිස්සු වගේ ගෙවල් දොරවල් අතෑරලා උතරු නැගෙනහිරට යන්න පුළුවන්. නැත්නම් මුහුදේ පනින්න පුළුවන්. ආපහු සිංහලයන් ඉන්න පළාතක ජීවත් වෙන්න බැහැ. නියම සිංහල ලේ තියෙන එක මන්ත්‍රී කෙනෙක්වත් ඔය අලුත් ව්‍යවස්ථාවට පක්ෂ වෙන්නේ නැහැ. වුනොත් වෙන්නේ දෙමල හෝ කලවම් ලේ තියෙන මන්ත්‍රීවරු. උතුරේ සිංහල ආණ්ඩුකාරයාව අයින් කරලා ජනාධිපති දෙමල ජාතිවදියෙක්ව පත් කළා. කරපු ගමන් මිනිහ ඉස්සෙල්ලම කිව්වේ උතුර බෞද්ධකරණීය කරන එක නවත්තන්නලු. හරි නම් උතුරු ද්රවිඩකරණීය කරපු එකට විරුද්ධව සිංහලයෝයි විරුද්ධ වෙන්න ඕනේ. අපේම රටේ අපේ රජවරු අපේ මුතුන් මිත්තෝ ජීවිත පූජා කරලා දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් මුදා ගත්ත රටේ අද අපි වහල්ලුන්ගේ තත්වෙට පත් වේගෙන යනවා. යන්නකෝ ඔහොම. ඔග්ගොල්ලෝ වැඩිදුර යන්නේ නැහැ.
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

