ටැංකිය උතුරා යන තෙක් ඉන්ධන පිරවූ මෝටර් රථය ගිනි ගනියි
ඉන්ධන අවසන් වෙතැයි පැතිර යන වාර්තා හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ තරුණයෙකු අද (01) සිය යතුරු පැදියට ටැංකිය උතුරා යන තෙක් ඉන්ධන පුරවාගෙන මීටර් කිහිපයක් යන අතරතුර යතුරුපැදියේ ගින්නක් ඇතිවී විනාශ වී ගිය බව හපුතලේ පොලිසිය පැවසීය.
හපුතලේ ඉන්ධන පිරවුම්හලේන් පෝලිමක රැඳී සිට යතුරු පැදියට ටැංකිය උතුරා යන තෙක් ඉන්ධන පුරවා ගත් යතුරු පැදිකරු මීටර් කිහිපයක් යාමට මත්තෙන් ගිනිගෙන ඇති අතර ඔහු කිසිදු තුවාලයක් නොලබා බේරී ඇති බවද පොලිසිය පැවසීය.
විනාඩි කිහිපයකින් යතුරුපැදිය ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ගිය බවද පොලිසිය පැවසීය.ඉන්ධන හිඟයක් ඇති වෙතැයි පැතිර ගිය වාර්තා හේතුවෙන් මෙම පුද්ගලයා යතුරුපැදියේ ටැංකිය උතුරා යන තෙක්ම ඉන්ධන පුරවාගෙන ඇතැයිද පැවසීය.
ඉන්ධන පිරවීමේදී නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් රටේ ඉන්ධන හිඟයක් ඇති වෙතයි පළවන වාර්තාවල කිසිදු සත්‍යයක් නොමැති බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇති බවත් පොලිසිය මහජනතාව දැනුම්වත් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
