උඩරටින් ජනපතිවරයෙක් ලෙස පත්වීමට උත්සාහ කරන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. ඊයේ (29දා) පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“නිරන්තරයෙන්ම ජනපතිවරු පත්වෙලා තිබෙන්නේ පහත රටින්. ගාමිණි දිසානායක මැතිතුමා හිටියානම් එතුමා අනිවාර්යයෙන්ම පළමුවැනි උඩරට ජනපති වෙනවා. මම ඒ සිහිනය සැබෑ කිරීමට උත්සාහ කරනවා. හරි යයිදි නැත්ද කියලා මම දන්නේ නෑ. ට්‍රයි එකක් දීලා බලමු.”
