ටයර් සහ බැටරි නොමැතිව ශ්‍රී ලංගම ඌව ප්රාදේශීකයට අයත් ලංගම ඩිපෝ අටක ශ්‍රී ලංගම බස් රථ 343කධාවනය මුලුමනින්ම අද (23දා)වන විට නතර වී ඇතැයි ලංගම ආරංචි මාර්ග පවසයි .
මින් ටයර් නොමැතිව ශ්‍රී ලංගම බස් රථ 235ක් සහ බැටරි නොමැතිව ශ්‍රී ලංගම බස් රථ 108ක් ධාවනය මෙසේ ඇණහිට තිබේ .
ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ ලංගම බස් රථ 45ක් ටයර් නොමැතිව සහ බැටරි නොමැතිව ලංගම බස් රථ 15ක් තිබෙන බවත් , මේ හේතුවෙන් බදුල්ල ඩිපෝව මගින් බදුල්ල සිට ධාවනය කළ කොළඹ ,මීගමුව ,කල්පිටිය ,අලුත්ගම , ගාල්ල ,යාපනය ,මහනුවර ,මඩකලපුව ,අම්පාරආදි දුර ගමන් සේවා ලංගම බස් රථ ධාවනය නතර වී ඇතැයි එහි උසස් නිළධාරියකු පැවසීය .
අද (23දා) බදුල්ල සිට කොළඹ බලා එක් ශ්‍රී ලංගම බස් රථයක් පමණක් ධාවනය විනැයි හෙතෙම කීය .
සාමාන්‍යයෙන් දෛනිකව බදුල්ල ඩිපෝවමගින් ලංගම බස් රථ 117ක් ධාවනය වූ බවත් , ටයර් ,බැටරි නොමැති නිසාවෙන් දැනට කෙටි ගමන් සේවා (ප්‍රාදේශීය සේවා )බස්රථ 54ක් පමණක් ධාවනය වන බවද හෙතෙම කීය .
මේ අතර මොණරාගල ඩිපෝවේ ටයර් නොමැතිව ලංගම බස්රථ 19ක්,බැටරි නොමැතිව බස්රථ 14ක් තිබෙන බවත් ,දෛනිකව ධාවනය වූ බස්රථ 80වෙනුවට දැනට බස්රථ 50ක් ධාවනය වන බවද ,බිබිල ඩිපෝවේ ටයර් නොමැතිව ලංගම බස් රථ 15ක්,බැටරි නොමැතිව ලංගම බස්රථ 8ක් තිබෙන බවත් , දෛනිකව ධාවනය වූ බස්රථ 47වෙනුවට දැනට බස්රථ 33ක් ධාවනය වන බවත් , කැප්පෙටිපොළ ඩිපෝවේ ටයර් නොමැතිව බස්රථ 66ක්ද,බැටරි නොමැතිව බස්රථ 20ක් තිබෙන බවත් දෛනිකව ධාවනය වූ බස්රථ 99වෙනුවට දැනට බස්රථ 55ක්වන ධාවනය වන බවද , බණ්ඩාරවෙල ඩිපෝවේ ටයර් නොමැතිව බස්රථ 45ක් සහ බැටරි නොමැතිව බස්රථ 30ක් තිබෙන බවත් ,දෛනිකව ධාවනය වූ බස්රථ 106වෙනුවට දැනට බස්රථ 31ක් ධාවනය වන අතර මහියංගණ ඩිපෝවේ ටයර් නොමැතිව බස්රථ 22ක් සහ බැටරි නොමැතිව බස්රථ 10ක් තිබෙන බවත් ,දෛනිකව ධාවනය වූ බස්රථ 48වෙනුවට දැනට බස්රථ 28ක් ධාවනය වන අතර , තණමල්විල ඩිපෝවේ ටයර් නොමැතිව බස්රථ 3ක් සහ බැටරි නොමැතිව බස්රථ 2ක් තිබෙන බවත් දෛනිකව ධාවනය වන බස්රථ 18වෙනුවට දැනට බස්රථ 15ක් ධාවනය වන අතර ,වැල්ලවාය ඩිපෝවේ ටයර් නොමැතිව බස්රථ 20ක් සහ බැටරි නොමැතිව බස්රථ 9ක් තිබෙන බවත් ,දෛනිකව ධාවනය වන බස්රථ 55වෙනුවට දැනට බස්රථ 30ක් පමණක් ධාවනය වන බවද අදාළ ඩිපෝ බළධාරීන් සදහන් කළහ .
මේ සම්බන්ධයෙන් කොළඹ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ අදාළ අංශ ,නිලධාරීන් මෙන්ම වගකිවයුතු සියලුම අංශ නිලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු විසදුමක් නොලැබුණු බවත් , මේ තත්ත්වය මත ටයර් ,බැටරි නොමැතිව ශ්‍රී ලංගම ඩිපෝ වල දැනට ධාවනය කැරෙන සෙසු ලංගම බස් රථ ධාවනයද අද හෙටම නවතිනු ඇතැයි එම නිලධාරීන් වැඩිදුරටත් සදහන් කර සිටියහ .
ජායාරූප ඇල්ල ප්‍රසාද් රුක්මල්
