ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ජනපතිගෙන් ඉල්ලුවත් යහපත් ප්‍රතිචාරයක් නෑ
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ඉල්ලා සිටියද මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (07දා) පැවසූහ.
තමාට යම් යම් බාධා ඇතැයි ජනාධිපතිවරයාගේ අදහස වූ බවත්, ඍජු තීරණයක් ගත නොහැකි මෙවැනි ජනාධිපතිවරයෙකුගෙන් රටට ප්‍රයෝජනයක් නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ බලපෑම හේතුවෙන් ඥානසාර හිමියන් නිදහස් නොකර සිර කරගෙන සිටින බවද ආනන්ද හිමියෝ පෙන්වා දෙති.
රටම ගිනි ජාලාවක් බවට පත්කර නිරායුධ අහිංසක ජනතාව සිය ගණනක් ඝාතනය කළ පුද්ගලයන් නිදැල්ලේ සිටියදී කාන්තාවකට බැණ වැදුනේ යැයි පවසමින් ස්වාමීන් වහන්සේ නමක සිරකර තබාගැනීම ගැන ජනාධිපතිවරයා තවදුරටත් කල්පනා කර බැලිය යුතු බවද එහිමියෝ ප්‍රකාශ කළහ.
නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මේ බව පැවසූහ.
ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා ජනතාව පීඩාවට පත් කර සිටින ආණ්ඩුවට විරුද්ධ බලවේගයක් නිර්මාණය කරගෙන යන බවද උන්වහන්සේ සඳහන් කළහ.
පංච මහා බලවේගය නියෝජනය කරන වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවකගේ සහභාගිත්වයෙන් ලබන 15 වැනිදා කොළඹදී ඊට අදාළව සාකච්ඡාවක් පවත්වන බවද එහිමියෝ ප්‍රකාශ කළහ.
ආණ්ඩුව පළවාහැරීම සඳහා ජනතාව ඒකරාශි කරමින් රට පුරා විරෝධතා පවත්වන බවත්, ඒ සඳහා සහාය පළ කිරීමට පාර්ශ්ව ගණනාවක් කැමැත්ත පළකර තිබෙන බවත් උන්වහන්සේ පවසා සිටියහ.
popular news
-
ඥානපාල Wednesday, 08 May 2019 10:31 AM
ඥානසාර උන්නාසේ නිදහස්කරා කියලා ත්‍රස්ථවාදීන් ගේ ක්‍රියාකරම් අඩුවෙයිද? - බෝම්බ පුපුරවන අඩුවෙයිද? - අයිඑස් අයිඑස් කාරයෝ සමාව ඉල්ලයිද? - හිර ගෙදරන සිටිය යුතු මිනිසුන් හිර ගෙදරම සිටිය යුතුය. මේ වගේ අර්ථ විරහිත දේවල් කියන රට වැසියොත් මේ රටේ ඉන්නව!
Reply : 27 50
rocky Wednesday, 08 May 2019 10:33 AM
රටේ නීතියක් කියල දෙයක් තියෙනවා. මේ හාමුදුරු වරුන්ට ඕන ඕන විදිහට ඒවා වෙනස් කොරන්න බැහැ. ඊටත් වඩා මොහු කවුද? බඩගෝස්තර වාදීව එක එක පැත්තට පන්දම් අල්ලන අබවුද්ධ වවුල් චීවර ධාරියෙක් පමණයි. ඔහෙට ඕන විදිහට මේ රට ආණ්ඩු කරන්න දෙන්න බැහැ.
Reply : 25 44
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

